මා පමණකි

රාත්‍රිය එළඹ ඇත
යුද පිටිය නිශ්චලය
අහස පුරා ධවල
තරු පැතිර ඇත

මගේ තරුව ඇය,
දිගාවී පොළොව මත
ළය මත තබාගත් අතින් යුතුව
සන්සුන් ව

ඇගේ නිශ්චල ඇස්වල
තරු පිළිඹිඹු වේ ය
මගේ තරුව ඇය ය

හුස්ම ගන්නේ මා පමණි
එහෙත්
ඇගේ හුස්මක් අසනු රිසි
හුස්ම අල්ලා අසා සිටිමි

අවියෙන් බැඳි බැමි අතර
ඇහි පිල්ලමකින්වත් තනි නොකර
පසුපස ආමි

යුද ටැංකි හිස් මතින් යන
බංකර කුහරයක
එකිනෙකාගේ සුසුම්
එකට පැටලෙන්නට
මහ වෙලාවක් ගියේ නැත

ඝන කොලර සහිත නිල කබා මත
ගිනි අවි මොහොතකට තනිකොට
මහා ගින්නක් නිවුයෙමු
මහා ගින්නක දැවුනෙමු

ඇගේ නිශ්චල ඇස්වල
තරු පිළිඹිඹු වේ ය
මගේ තරුව ඇය ය
එහෙත් ඇය තරු අතර ය

දෙදෙනා තිදෙනෙකු වීමට
නියමිතව තිබුණු බව
දන්නා අයෙකුට
දැන් සිටින්නේ
මා පමණකි

Advertisements

2 thoughts on “මා පමණකි

  1. හරිම සංවේදී සටහනක්. කී දෙනෙක් ගේ ජීවිත මේ වාගේ ඉවර වෙන්න ඇතිද? නූපන් දරුවන් වූ පියාණන් ගේ ඇයදුමක්. හිතට තදින්ම දැනුනා. අපේ අයට දැන් මේ මතක නෑ.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )