මිටට ගත් සැනින් විසිරෙන !

29873331_10204222423876371_2042237839342788551_o

 

අතරමඟ ගුවන් තොටුපලක
කෙටිම කෙටි වෙලාවක හමුවූ,
දෙදෙනෙකු පමණි අප හිතවත –

ඔබ යන්නේ වසත් මල් පිපෙන,
කඳු මතින් සුළං හමායන,
සරත් හැන්දෑවරු එළඹෙන,
නිවර්ථන කලාපික රටකට.

මගේ ගමනාන්තය,
උත්තර ධ්‍රැවය –
සිහින පවා සීතලට ගල්වෙන,
හුස්ම පවා බරැති හිම වී,
මිදෙන.

අතරමඟ හීන අතහැර,
ගාල්විය යුතු මොහොතය-
වළාකුළුවලට සමීප
කවුළු කෙළවරකට –
ඇස් අගින් ගිළිහුණ,
මොහොතවල් ඉතිරිකර

නො ආයුතු –
ගමනාන්තය වෙනස්කර,
ජීවිතය කියන්නෙම,
මොහොතවල් එකතුවකි,
මිටට ගත් සැනින්,
විසිරෙන !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )