
සාෂා – “මිනිහෙක්ට මිනියක් වෙන්න ලේසියි.. එත් මිනිහෙක්ට මිනියක් එක්ක ජීවත් වෙන්න අමාරුයි..”
.
කාල් – “අපේ ජීවිත ඉවර වෙන්න හුඟාක් කිට්ටුයි කියල අපිට දැනෙන්න පටන්ගන්නේ අපේ ළඟම හිටපු අපේ වයසේ එකෙක් හිටි ගමන් මළාට පස්සෙ. අපේ වයසේ එකෙක්ගෙ ඔලුවේ සුදු කෙස් ගහක් දෙකක් මතුවෙනවා දකිද්දි අපි හොරෙන් බලන්නේ අපේ ඔලුවෙත් සුදු කෙස් ඇවිල්ලද කියල. එහෙම ඇවිල්ල නැත්නම් අපි ඌ දිහා බලල යාන්තමට හොර හිනාවක් දාල අපේ ඔලුව අතගාගන්නවා. බැරිවෙලාවත් සුදු කෙස්ගහක් දෙකක් මතුවෙලා තියෙනවනම්, ඒක ඉක්මනින් ගලෝල දාල හිත හදාගන්න උත්සහ කරනව ඒ පීනසට කියල..”
.
සාෂා – “මං කියන්නෙ මිනිස්සුන්ගෙ ශරීරෙ මැරෙන එක ගැන නෙමෙයි.. ශරීරෙ ඉතුරුවෙලා තියෙද්දි හිත මැරෙන එක ගැන … විප්ලවේ ගැන කතා කරද්දි කාල් වෙලා, සාහිත්‍ය ගැන කතා කරද්දි කාලිදාස වෙන මිනිහෙක්ට ඒක නොතේරෙනව වෙන්න පුලුවන් …කොහොමත් නමක් නැති මිනිහෙකුට හිතක් නෑ කියල මට ඉගැන්නුවෙ ඔයා…”
.
කාල් – “නමක් නැති මිනිස්සුන්ට හිත් තියනව කියල මට ඉගැන්නුවෙ කාල් කෙනෙකුට ආදරේ කරන්නම සාෂා වුණු ඔයයි ශානිකා… !…”
සාශා ; “මිනිහෙක්ට මිනියක් වෙන්න ලේසියි.. එත් මිනිහෙක්ට මිනියක් එක්ක ජීවත් වෙන්න අමාරුයි..”
කාල් ; මිනිහෙක්ට මිනියක් වෙන්න ලේසි බව හැබෑව සාශා.. ඒත් මිනිහෙක්ට මිනියක් එක්ක ජීවත් වෙන්න අමාරුයි කියන එක මම පිලිගන්නෙ නෑ සාශා… ආදරය කරන්න ගත්තම මිනිහෙක්ට පුලුවන් මිනියක් එක්ක උනත් ජීවිතය ගෙවන්න.
කැමතියිකැමතියි