අ” යන්නෙනි ආදරේ –
අංශු මතුරක් නොදන්නා කාලයේ,
පෙකණි වැල අතහැර,
ගත් හෙයිනි ඇලුම් කර
ඔබේ ඔය දුක් සසර මේ තරම් දිගු වුණේ..
ජීවිතේ ගිරි දඹේ
අමාරුම තරණයට,
පා පියවිල්ල විය ආදරේ
බෝධිසත් ලෙහෙනුනේ,
ඒත් අප්පෙක් තමයි
දරු හොයා මහ මුහුද
හිස් කළේ..
දේවදත් ලෝකයේ බ්රහ්මදත් ඊතලයි,
මේ තාක් වැඩිපුරම හමුවුණේ ,
ඇනුම් කා ගෙදර එන වෙහෙසකර දවසකට –
උරහිසේ කෙලවර ඉතිරි කර ආදරේ,
.
.
ඉතා සෙමින් ඔබේ ඇස්වලට රාත්රිය උදා වේ.
*දරුවන්ට කවදා කොයි මොහොතේ රැකවරණය ඕනෑ වේවිදැයි නොදන්නා හෙයින් තාත්තලා වියපත් වන්නේ සෙමිනි…..