ඔව්… එහෙම කරන්න..

වැඩියෙන්ම ආදරේ පෙන්නන්න. එතකොටයි එයා ඔයාව විස්වාස කරලා ඒ වගේ බය හිතෙන ප්‍රපාතයක් එක පැත්තක තියෙන, නගින එක අන්තිම අමාරු කන්දක් නගින්න එකඟ වෙන්නේ. එයාට තනියම නගින්න අමාරු තැන්වලදී ඔයා ඉස්සර වෙන්න. අතක් දෙන්න. පොඩි පොඩි තැන්වල පිපිලා තියෙන මල් කඩල දුන්නත් කමක් නෑ. තවත් හොඳයි එතකොට. මහන්සියි කිව්වොත් ටිකක් වාඩි වෙලා ඉන්න. එයාට මහන්සි නිවන්න උරහිස දෙන්න. එයා අන්තිම ලස්සන, හොඳ කෙනෙක් කියල කියන්නත්, එයා ඔයාගේ ජීවිතේට ආපු එක තරම් හොඳ දෙයක් ඔයාට වෙලා නෑමයි කියල කියන්නත් ඔයාට ඒ වෙලාව යොදාගන්න පුළුවන්. එයා අහන් ඉඳියි. සමහර විට ටිකක් අඬයි. කමක් නෑ. ගෑණු එහෙම තමා. දුකටත් සතුටටත් අඬනවා. ඒ වෙලාවෙ අඬන්නේ සතුටට. දුකට වුණත් කමක් නෑ කඳුළු පිහින්න. එයාට කවදාවත් ආයෙ අඬන්න වෙන්නෙ නෑ කියල කියන්න. එයා සතුටු වෙයි. නැවති නැවති කන්ද මුදුනටම යන්න.
ඊට පස්සේ තියෙන්නේ ලේසිම ටික. මේ වෙනකොට එයා ඔයාව උදේ ඉර පායනවටත් වඩා විස්වාස කරනව. ප්‍රපාතෙන් පහළ බලන්න එයා එකඟ වෙනවා. උස තැන්වලට කොච්චර බය වුණත් එයා බය වෙන එකක් නැහැ ඔයත් ඉන්න නිසා. කෙළවරටම එයා එක්ක ඇවිදගෙන යන්න. උරහිස වටේ අතක් දාගෙන එක්ක යන එකයි වඩා හොඳ. එතකොට ඔයාට ලේසියි.
ප්‍රපාතේ කෙළවරටම ආවම එක පාරින් තල්ලු කරන්න. එයාට හැරිලා ඔයා දිහා බලන්න වෙලාවක් නොතිය තල්ලු කරන්න. එයා “හෂ්” ගාල අතුරුදන් වෙයි. කෑගහන්නවත් වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ. හුළඟට ගහගෙන යයි ද, අඩි සිය ගාණක් පහළ ගහක අත්තක වැදෙයි ද… ඔය වගේ ඒවා හිතන්න ඕන නෑ… බිම ඉඳන් වලකට වැටුණා වගේ නෙමේ කන්දක් මුදුනේ ඉඳන් ප්‍රපාතෙකට වැටුණම.

දැන් ඔයාට පුළුවන් ආපහු එන්න. ආපහු ගමන කොහොමත් ලේසියි. කන්දක් නගිනවට වඩා පල්ලම බිහින එකයි ලේසි. අනික ඔයාට අමතර බරකුත් නෑ නෙ දැන්. ඔයාට පුළුවන් ආපහු ඇවිල්ල පාඩුවෙ කවියක් ලියාගෙන ඉන්න. උස කන්දකින් වැටිලා ඉහිරිච්ච ගෑනු ළමයෙක් ගැන ලියන්න. මිනිස්සු ආසයි ඒ වගේ කතා අහන්න.
.
.
.
.
.

.

.

.
.
අඩුම ගානෙ එයාට ඔයා කිව්ව ඔක්කොම බොරු නෙමෙයිනෙ. ආයෙ කවදාවත් එයාට අඬන්න වෙන්නෙ නෑ කිව්ව එක ඇත්ත නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )