Category Archives: කෙටි කවි

නොයුතුයි සිතෙන – සියල්ල සිදුවෙන

35549922_10204456575930026_3436277203225018368_n
.
සමහරක් හීන ඇත –
දකින්නත් පෙර,
අමතකම වී යන .
අහු කොන් ඉතිරි වී,
වරින්වර මතුවෙන

රුදු නිය පහරය –
කිසිදා සුව නොවෙන
සුව වීමටද ඉඩ නොදීමෙන්,
රිදී රිදී සුවපත් වෙන

ඉතා කෙටි ගමන්වල,
අතරමඟ හමුවන –
සමහරක් කවි ඇත,
නොලිය යුතු වූවද ලියවෙන

නොයුතුයි සිතෙන
සියල්ල සිදුවෙන –
යුතු කිසිවක් ම සිදු නොවෙන,
වියහැක විය යුතු
හොඳම දෙය.

Advertisements

26229585_10203881893803332_4045138135245764067_n
හිතේ ඉපදෙන සෑම මලටම
නමක් දෙන්නට බැරිකමින්,
සුවඳ බෝ විට අතරමං වෙයි
ඇතැම් කඳුවල දැවටෙමින් ,
දෙකන්දක් මැද නිම්නයක 
තද හුදෙකලාවක තනි වෙමින්,
පරණ කවියක් කඳුළු වෙනවා,
රසදියේ ඇති ගනකමින්

භූ කම්පන

26730773_10203891848172185_110589694854123131_n
ඔබට මා අමතක බව
දිගින් දිගටම සනාථ වූ පසුවද,
විටින් විට ඉතා කුඩා
භූ කම්පන නැගෙයි !
.

නටඹුන් බොහොමයක් මැද,
භෂ්ම වූ මතක
දුහුවිලි කැළඹෙයි!
.

එක් ඇස් බැල්මකින් ඇහැරෙයි –
යළිත් බිඳ වැටී විසිරෙයි,
සිහින වැළලූ සොහොනක
ප්‍රේමයක් උත්ථානය වෙයි –
.

මොහොතින් සියල්ල තවත් කම්පනයකට හසුවෙයි!
.

එවන් භූ කම්පන රැසකින් පසුව,
බොහෝ දේ නැති වෙයි
ජීවිතය වැනි ඇතැම් සුළු සුළු දේ ඉතිරි වෙයි.

සොහොන්

කපා මුදුන් කොට,
මුදුන සම කොට,
සැදූයෙන් පාත්තිය;
පෙනේ ය එය,
අලුත වැසූ සොහොනක් මෙන්.

මියගිය පොළොව බදාගෙන,
අව්වට මැළවුණු අමු මිරිස් පැල,
හඬා වැටෙන්නාක් මෙන්.