
“තැඹිලි ඇති කුස්සියෙ.. කපාගෙන බීපන්…”
ඔහු කුස්සියට ආවේය. මිරිස් ගල මත මන්නය විය.
තැඹිලි දොර මුල්ලේ ය.
දොරෙන් පහළ බෑවුම ය. ගඟ ය.
ඔහු තැඹිලි ගෙඩියේ ඇස්ස කැපුවේය.
රවුමට. රවුමට. මලක් මෙන්.
ඇස්ස විසි කළේ ය. කැළණි ගඟට.
කාමරයට ආවේය.
මන්නයද – තැඹිලි ගෙඩියද ගෙන.
මන්නයෙන් කෙටුවේය. පිබිදීමෙන් – නිවීමෙන් පසු නිදා සිටින්නාගේ මුහුණට තැඹිලි වතුර විසිවෙන ලෙස.
“රත්නෙ අයියේ…”
පිබිදුණු, නිදාසිටි ඔහු වෙත තැඹිලි ගෙඩිය දිගු කළ කුසුම්සිරි, මන්නය ඇඳ යටින් තබා ඇඳේ වැතිරුණේය. .