(Hector Hugh Munro හෙවත් Saki Munro ගේ The Open Window කෙටි කතාවේ පරිවර්තනයකි. )
- Frederick Childe Hassam ගේ Bowl of Goldfish සිතුවම (1912)
” මගේ නැන්දා ඉක්මනින් ම ඒවි නටෙල් මහත්මයා… ” දැරිය කීවාය. ඇය ඉතා විනීත මෙන් ම තැන්පත් පෙනුමක් තිබූ පහළොස් හැවිරිදි දැරියකි. ” ඉතින් ඇය එනකම් ඔබට බලා ඉන්න වෙනවා.. කමක් නැහැ.. මම ඉන්නවනේ ඔබේ තනියට..”
පැමිණීමට නියමිත නැන්දණිය පිළිබඳව, මේ දැරියගේ සිත සතුටුවන ආකාරයේ යමක් කීමට ෆ්රැම්ටන් නටෙල් උත්සාහ කළේය. එමෙන් ම මේ සම්පුර්ණයෙන් ම නාඳුනන මිනිසුන් මැදට පැමිණීම තම ස්නායුවලට අත්කර දෙනු ඇත්තේ කුමනාකාරයේ සෙතක් දැයි ඔහු කල්පනා කළේය.
“ඔබ මේ පළාතේ මිනිස්සු ගැන මොනවම හරි දන්නවද?” දැරිය ඇසුවේ දිගින් දිගටම කල්පනාවේ ගිලී සිටි අමුත්තාගෙනි.
“මම අඳුනන කවුරුවත් මෙහෙ නැහැ..” නටෙල් කීවේය. “මෙහෙ දේවගැතිතුමාගේ පාලනය යටතේ තිබෙන කාර්යාලයේ මගේ අක්ක අවුරුදු හතර පහකට කලින් රැකියාවක් කළා. ඉතින් එයා තමයි මාව මෙහෙට යොමු කළේ. පළාතේ කිහිප දෙනෙකුගේම නමට මාව හඳුන්වාදීමේ ලිපි ඇය ලියල දුන්න..
සැපල්ටන් මහත්මිය විවාහකද, අවිවාහක්ද, වැන්දඹු ද යන්නවත් ෆ්රැම්ටන් නටෙල් දැන සිටියේ නැත. වචනයෙන් විස්තර කිරීමට නොහැකි වූවත් , මේ ගෙදර පිරිමියෙකු ජීවත්වූ ලකුණු ඇතැයි නටෙල්ට සිතුණි.
“මේ ඔක්තෝබර් මාසයේ හැන්දෑවක් වෙලත් අපි ඔය ලොකු ජනේලය වහන්නේ නැත්තේ ඇයි කියල ඔබට හිතෙනවා ඇති.. ” දැරිය කීවේ විශාල, උස් ජනේලයක් පෙන්වමිනි. විවෘතව තිබූ ඒ තුලින් නිවසේ උද්‍යානයට පිවිසිය හැකි බව නටෙල් දුටුවේය.
“බර්ටි.. ඔබ කොහෙද මේ දුවන්නේ… ?” කියල..ඇත්තටම මේ වගේ පාළු, වැහිබර හැන්දෑවක ඔවුන් ගිය විදිහටම ආපහු එයි කියල මහ අමුතු හැඟීමක් මට එනවා.. ” ඇය කතාව අවසන් කලේ භීතියෙන් සියොළඟ වෙවුලා ගිය බවක් දක්වමිනි.ෆ්රැම්ටන් නටෙල්ගේ සිතට අප්‍රමාණ සැනසීමක් ගෙනදෙමින් සැපල්ටන් මහත්මිය නිවසට පැමිණියේ මේ අවස්ථාවේදී ය. තම ප්‍රමාදය ගැන ඇය දිගින් දිගටම ඔහුගෙන් සමාව අයද සිටියා ය.
“මම හිතනවා වේරා ඔබව පාලුවෙන් තිබ්බේ නැහැ කියල… ” ඇය කීවා ය.
“අපොයි ඔව්.. ඇගේ කතා බහට මම සවන් දෙමින් හිටියේ ඉතා ආශාවෙන්…”
“මේ ජනේලය විවෘතව තියෙන එක ගැන ඔබේ විරුද්ධත්වයක් නැහැ කියල මම හිතනවා.. මගේ ස්වාමියා සහ මල්ලිලා දෙන්න දඩයමේ ගියානේ.. ඔවුන් ගෙට ඇතුළුවෙන්න පුරුදු වෙලා තියෙන්නේ ඔය ජනේලයෙන්.. අද ඒගොල්ලෝ විල්ලුවෙන් එහා මඩ වගුරේ දඩයමේ ගියා…
සැකයක් නෑ දැන් ඉතින් ගෙදර් ඇවිල්ල මේ මගේ බුමුතුරුණුවල මඩ ගානවා… පිරිමි අයට ඔව්වයේ ඒ හැටි ගානක් නෑ.. නැද්ද..?”
සතුන් දඩයම් කිරීම ගැන ඇය දිගින් දිගටම දොඩවන්නට වූයේ අප්‍රමාණ සතුටකිනි. වාසනාව තිබේ නම් ශීත සෘතුවේ වුවද තාරාවෙකු දඩයම් කරගැනීමට ඇති හැකියාව ගැන ඇය කීවාය. ෆ්රැම්ටන් නටෙල්ගේ සිතට මේ කතාබහ නිසා ඇතිවී තිබුණේ අප්‍රමාණ භීතියකි. ඇගේ දෙනෙත් ඔහු පසෙකින් තිබූ විවෘත ජනේලය දෙසට නිරතුරුවම යොමුව තිබූ අයුරු ඔහු භීතියෙන් යුතුව නිරීක්ෂණය කළේය. ඛේදවාචකයක සංවත්සරය යෙදී ඇති මෙවන් දිනයකම මෙහි පැමිණීමට සිදුවීම කෙතරම් අවාසනාවක් ද!
” දොස්තරලා එකඟ වුණා මම සිත කළඹන සහ ශාරීරික වෙහෙස ඇතිවෙන හැම දෙයක්ම මඟහැරලා විවේක ගන්න ඕන කියන එක ගැන… ” දිගින් දිගටම ඇදී ගිය මාතෘකාවෙන් දැඩි නොසන්සුන්කාරී අපහසුවකට පත්ව සිටි ඔහු කීවේය. ” ඔවුන් කියන්නේ මම “සම්පූර්ණ විවේකයක්” ගත යුතු බවයි. ඒත් මම ගන්න ඕන කෑම බීම ගැන නම් ඔවුන්ගේ එකඟත්වයක් නැහැ… ”
“නෑ ..?” සැපල්ටන් මහත්මිය ඈනුමක් හරින්නාක් මෙන් ඉතා උදාසීන අයුරින් විමසුවාය. මීළඟට ඇය එක්වරම කලබල වූවා ය. ඒ නටෙල් කියූ දෙයකට නම් නොවේ.
“ඔය එන්නෙ අන්තිමට! ” ඇය කෑගැසුවේ අප්‍රමාණ සතුටකින් සහ ප්‍රබෝධයෙනි.
“ඇති යන්තම් තේ වෙලාවට ආව… බලන්නකෝ හැටි… මේ අය නිකම් ඇස් ළඟට එනකම් මඩ වගුරක ගිලිලා ඉඳල වගේ.. !!”
ෆ්රැම්ටන් නටෙල් කිළිපොලා ගියේය. ඔහු දැරිය දෙස බැලුවේ ඉතා සානුකම්පිත සහ, තමන්ට මෙම තත්වය තේරෙන බවක් දෑසින් පළ කරමිනි. විවෘත ජනේලය දෙසට යොමුව තිබූ ඇගේ දෑස් බියෙන් ත්‍රස්තව තිබුණි. භීතියෙනුත් භීතියට පත් නටෙල් ආපසු හැරී තමන් පිටුපසින් වූ විවෘත ජනේලය දෙසට නෙත් යොමු කළේය.
ක්‍රමයෙන් දැඩිවෙමින් පැවති අන්ධකාරයත් සමඟ තණබිම හරහා ජනේලය දෙසට ඇවිද ආවේ මිනිස් රූ තුනකි. ඔවුන් තිදෙනාගේම අත්වල තුවක්කු තිබුණු අතර එක් අයෙකුගේ උරහිසෙන් සුදු පැහැති කබායක් ද එල්ලා වැටුණි. ඔවුන් සමීපයෙන් ම උඩ පනිමින් දුව ආවේ දුඹුරු පැහැ කුඩා ස්පැනියල් සුනඛයෙකි. ඔවුන් තණබිම හරහා ආවේ අවතාර බඳු නිශ්ශබ්දතාවයකිනි.
එක්වරම ඒ නිහඬ බව බිඳිමින් අඳුර තුළින්,….
“බර්ටි.. ඔබ කොහෙද මේ දුවන්නේ… ?” යැයි හඬක් නැගුණි.
වියරුවෙන් මෙන් නැඟී සිය තොප්පිය සහ සැරයටිය අතට ගත් ෆ්රැම්ටන් නටෙල් සාලය හරහා දිව ගොස්, විවෘතව තිබූ දොරෙන් එළියට පැන කුඩා මාවත දිගේ ඔහු පැමිණි දෙසටම දිවගියේය. ඉදිරියෙන් ආ පාපැදිකරුවෙකුට ඔහුගේ ඇඟේ නොහැපීමට පාරෙන් ඉවත්වී බයිසිකලය බඩවැටියට හේත්තු කරගැනීමට සිදුවිය.
“ඔන්න අපි ගෙදර ආවා… ” සුදු වැහි කබාය උරහිස මත දමාගෙන් සිටි පුද්ගලයා ජනේලයෙන් නිවස තුලට ඇතුළුවෙමින් කීවේය. “සෑහෙන්න මඩ නාල නම් තමයි..ඒත් ඉන් වැඩි හරිය දැන් වේලිලා…
කවුද අර අපි එද්දිම ඉස්සරහ දොරෙන් පැනල දිව්වේ? ”
“අනේ මන්ද… මේ නටෙල් කියල කවුද හාදයෙක්.. හරි පුදුම මිනිහෙක්. මෙහෙ ආව වෙලාවේ ඉඳන් එයාට තියෙන අසනීප ගැන කියෙව්වා. ඕගොල්ලෝ එනවා දැක්ක විතරයි අවතාරයක් දැකල බය වුණා වගේ ගෙයින් එළියට පැනල දිව්වා. එයා අපිට ආයිබෝවන් කිව්වෙත් නෑ, එකපාරටම යන එක ගැන සමාව ඉල්ලුවෙත් නෑ.. නිකං ම පැනල දිව්වා මෙලෝ සිහියක් නැතුව..”
“මම හිතන්නේ එයා බය වුණේ අපේ බල්ලව දැකල.. ” ලේලිය කීවේ ඉතා සන්සුන් ආකාරයෙනි. “එයා බල්ලන්ට බොහොම බයයි කියල මාත් එක්ක කිව්වා. එක පාරක් පිස්සු බලු රංචුවක් එයා පස්සේ එලෝගෙන ඇවිත්, උන්ගෙන් බේරෙන්න ගංගානම් ගඟ අයිනේ තිබ්බ විශාල සොහොන් පිට්ටනියකට පැනගන්න එයාට සිද්ධවෙලා. උන් එතනටත් ඇවිත්. අන්තිමේදී එතන තිබ්බ අලුත හාරපු මිනී වලකට බැහැල තමයි බේරිලා තියෙන්නේ. එයාට සිද්ධවෙලා මුළු රෑම ඒකෙ ගත කරන්න.. බල්ලෝ ටිකත් මිනී වල වටේ හිටියලු මුළු රෑම – බුර බුර, මෙයාව හපන්න පැන පැන, සෙම බේර බේර.. ඉතින් ඒකම මදෑ මිනිහෙක්ව පිස්සු වට්ටවන්න..!”
ඉතා කෙටි කාලයක් තුල අපූර්ව ආකාරයේ කතා ගෙතීමට මේ දැරියට තිබුණේ අති විශිෂ්ඨ හැකියාවකි.