කාත්තන්කුඩි සමූල ඝාතනය

1990 වසරේ අගෝස්තු තුන්වැනිදා, කොටි සංවිධානයට සම්බන්ධ සංවිධානයක් විසින් කාත්තන්කුඩි -1 මීරාජුම්මා පල්ලිය හා මන්ජන්තොඩුවායි හුසයිනියා පල්ලියට එල්ල කළ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 147 දෙනකු ඝාතනයට ලක්‌වී 256 දෙනෙකු තුවාල ලැබුවා.

.

කාත්තන්කුඩි ප්‍රහාරයෙන් මියගිය සියලු නිරායුධ සිවිල් වැසියන්ට ඔවුන් පැතූ මෝක්ෂය ලැබේවා!

කිසි දිනෙක, කිසිදු ආකාරයක යුද්ධයක් ඇති නොවේවා!

අන්ධ භක්තියක ඛේදනීය අවසන් නැවතුම – ජෝන්ස්ටවුන් ඛේදවාචකය

ජෝන්ස්ටවුන් නගරයට 1978 නොවැම්බර් 19 වැනිදාට හිරු උදා වන්නේ, භූමිය පුරා විසිර ගිය එහි වැසියන්ගේ ශීතල මළ සිරුරු මතින්. පෙර දිනයේ කොංග්‍රස් සාමාජික ලියෝ රයන් ඝාතනය ගැන සෙවීමට මෙහි යන ගයනා පොලිස් නිලධාරීන් මේ විපත අනාවරණය කරගන්නවා. ‘පීපල්ස් ටෙම්ප්ල්’ සාමාජිකයන් බහුතරයක් ඇතුළුව පුද්ගලයන් 918 ක් එදින මිය යනවා.

Rita John(රීටා ජෝන්) – කාකදූවේ ඛේදවාචකය

1998 ඔක්තෝබර් මාසේ 11 හවස 6.15 ට පමණ Rita John (රීටා ජෝන්) සහ Jude Manoharan(ජූඩ් මනොහරන්) , ඔවුන් වාසය කළ නිවසින් පිටත් වෙලා මෝය දිහාට ඇවිදින්න යනවා. සුදු කමිසයක් සහ දම් පැහැයට හුරු කොට කලිසමක් හැඳ සිටින ජූඩ් සහ නිල් ඩෙනිම් කලිසමක් සහ ලා කොළ පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටි රීටා මෝය දෙසට ඇවිදන් යනවා අසල්වාසීන් කිහිප දෙනෙකු විසින් දකිනවා.

Sandra Valentine (සැන්ඩ්‍රා වැලන්ටයින්) අතුරුදහන්වීම

සිය දියණිය ගැන තැවෙමින් සිටි වැලන්ටයින් යුවල, ශ්‍රී ලංකාවට පැමිණ සිය සොයාබැලීම් සිදුකළත්, ඒ වනවිට උතුරේ ඇතිවී තිබූ යුධ තත්ත්වය මෙන්ම, දකුණේ ඇතිවී තිබූ දේශපාලන අස්ථාවර භාවයත්, සිවිල් කෝලාහලත් නිසා ඔවුන්ට කිසිදු තොරතුරක් සොයාගත හැකිවන්නේ නැහැ.

පද්මිණී කුලරත්න ඝාතනය – නොවිසඳුණු සමුගැනීම

දරාගන්නට බැරි උදර වේදනාව නිසා පද්මිණී සිය සොයුරියට දුරකථනයෙන් කතා කරමින් උදව් ඉල්ලා සිටියා. නිවසේ සිටි මෙහෙකරුවන් එම අවස්ථාවේ දී වෛද්‍ය කුලරත්නට දුරකථනයෙන් කතාකර සිද්ධිය දැනුම් දුන්නත් ඔහු ඒ ගැන තැකීමක් කළේ නැහැ.

දා හත් වසරකට පෙර සිදු වූ යාංගල්මෝදර අනතුර

මේ වනවිට බස් රිය දුම්රිය මග හරහට නතර වී තිබුණා. අධික වේගයෙන් තමන් දෙසට එන දුම්රිය දුටු බස් රියේ සිටි මගීන්, මර බියෙන් විලාප තබද්දී බස් රියදුරු අබ්දුල් වහීඞ් හෆ්රූල් බසයෙන් බැස තම ජීවිතය රැකගැනීමේ අරමුණින් පළා යාමට උත්සාහ කළා. එහෙත් ඔහුට හැකිවූයේ බසයෙන් බැසීමට පමණයි.පලාතම දෙදරුම්කන හඬක් සමඟ, දුම්රිය බස් රිය බඳෙහි ගැටුණා. ඉදිරියට ඇදෙන දුම්රිය සමඟ තවත් මීටර් සියයක් පමණ ඇදී ගිය සුන්බුන් වූ බස්රිය, ගිනිගත්තා. හරියටම උදේ 8.13 ට, ලංකා ඉතිහාසයේ අති බිහිසුණුම දුම්රිය අනතුරක් සිදුවුණා.