
–
මුලාශ්‍ර – අන්තර්ජාලය, මිනමාටා සම්මුති වාර්තාව, මිනමාටා සිදුවීම් අධ්‍යන වාර්තාව (2012 )






International Day of the Disappeared 2018
ඔබ යළි (නො) එන බව (නො) දනිමි
————————————————-
ඔබ යළි (නො) එන බව (නො) දනිමි,
මළ සිරුරු නැති වුනට,
මතක බණ හිමි නැති.
ඔබ නමින් උපත ලද,
රාහුලයෝ නිදති-
(එහෙත් උන් අවදියෙනි,
අවදි සිහින දකිමිනි.)
මා නිදි නැති;
මසැස සහ මනසද,
නො පියවෙති.
මතක පද අමුණමි.
ඔබ කොහේ හෝ නිදනු ඇත සිතමි.
තෘණ පතක් යට,
පස් පිඩල්ලක් තුරුලක,
සිඳු රළ අතර හෝ,
කොරල් යහනක් මත-
ඔබ නිදනු ඇත සිතමි.
ලියන මේසය මත,
යැවීමට ලිපිනයක් නො මැති හෙයින්,
ලිවීමට ගොස් අතරමග නතරකළ
කිසිදා නො ලියවෙන ලියුමකි.
අවසාන අත්සනට පසු,
මේසය මත ඔබ අමතක කර ගිය,
නිහඬ කළ,
තීන්ත ගල් වූ පාකර් පෑනකි.
මාවත අයිනක තිබී,
පසුව හමුවිය,
ගෙවී ගිය පාවහනක්,
ඒ අවසාන උදෑසන,
ඔබ විසින් පැළඳ සිටි.
ඔබ යළි (නො) එන බව (නො) දනිමි,
මළ සිරුරක් නැති හෙයින්,
මතක බණ ඔබට හිමි නැති-
ඔබ ගලවාගෙන ගිය තැන-
හිස් කළු කුහරයකි,
කළු ම කළු හෙවනැල්ලකි.
ඔබ යළි (නො) එන බව (නො) දනිමි.
මළ සිරුරු නැති වුනට,
මතක බණ හිමි නැති.
අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි. මියයාම යනු අවසානයකි. ඉවර වීමකි. එහෙත් අතුරුදන් වීම් එසේ නොවේ. සිදුවන්නේ කුමක්ද සහ සිදුවූයේ කුමක්ද යන්න නොදැන, ඒ සඳහා කිසිවක්ම කරගත නොහැකි තත්ත්වයක ජීවත්වීමට සිදුවීම මරණයක නිශ්චිත අවසානයකට වඩා අතිශ්‍ය අසීරුය.
අතුරුදන්වූවන් සමඟම අතුරුදන් වූ බොහෝ දේ විසින් ඉතිරිකළ හිස්තැන් සමඟ ජීවත් වීමට ඉතිරි වී සිටින්නන්ට සිදුවේ.
The drawing is inspired by Melancholy by Albert György & is on display in Geneva, Switzerland.
කාටවත් ‘ඕන නැති’ දැරියක්
මත්ද්‍රව්‍ය සහ දරිද්‍රතාවයත්, ඒ දෙකම එක්ක අත්වැල් බැඳගත් දරිද්‍රතාවයේ අන්ධකාරයෙනුත් පිරුණු කොළොම්බියාවේ උතුරු වෙරළේ තමයි කාටජිනා නගරය පිහිටා තියෙන්නේ. මේ නගරයේ ජීවත් වුණු ගණිකාවක්, 1943 පෙබරවාරි 15 වැනිදා දැරියකට උපත ලබා දුන්නා. දැරිය පිළිසිඳගන්නා කාලය වනවිට නිශ්චිත පෙම්වතෙකු ඇයට නොවූ නිසා, මේ දැරියගේ පියා ඇගේ පාරිභෝගිකයෙකු බව පමණයි මේ ගණිකාව දැන සිටියේ.
ඇය සිය දියණියට ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ ලෙස නම් තැබුවා.
මව සිය රැකියාවේ නිරතවන දීර්ඝ කාලපරාසයන් තුළ, බඩගින්නේ හඬමින්, හාමතේ නිදියමින්, දුක්ඛිත ජීවිතය යනු කුමක්දැයි හඳුනා ගනිමින් කුඩා ග්‍රිසෙල්ඩා වැඩුණා. ජීවිතයේ පළමු වසර තුන, කාටජිනා හි විදීවලින් ලැබෙන ඕනෑම දෙයකින් කුස පුරවාගනිමින්, අනාරක්ෂිත් ජීවිතයක් ඇය ගත කළා. දරුවෙකුගේ අවශ්‍යතාවක් නොතිබූ, එමෙන්ම දැරිය පෝෂණය කිරීමේ අමතර බර නිසා වෙහෙසට පත්ව සිටි ගිසෙල්ඩාගේ මව, නිතරම දැරියට පහර දීම සහ අඩන්තේට්ටම් කිරීම සිදු කළා.
ඇයට වයස අවුරුදු තුනේදී ග්‍රිසෙල්ඩාගේ මව, දැරියත් රැගෙන මෙඩලින් නුවර මුඩුක්කු පරිසරයක පදිංචියට ගියේ සිය පෙම්වතෙකු සමඟ ජීවත් වීමටයි. මවගෙන් සිදුවුණු තාඩන පීඩනවලට අමතරව, මවගේ පෙම්වතාගේ පහරකෑම්වලටත් දැරිය මුහුණ දුන්නා. අඩදබර, මිනී මැරුම්, දූෂණ, සොරකම් සහ මත්ද්‍රව්‍ය ඉතාමත් සාමාන්‍ය වූ පරිසරයක ග්‍රිසෙල්ඩා
කිසිවෙකුගේ රැකවරණයක් නැතිව වැඩුණා.
ග්‍රිසෙල්ඩා අට හැවිරිදි වියේදී, සිය මවගේ පෙම්වතා අතින් ලිංගික අතවරයන්ට ලක්වීමට පටන්ගන්නවා. මේ කරදරයෙන් බේරීම සඳහා, නම හැවිරිදි වියේ දී නිවසින් පැනයන්නට, දැන් යොවුන් වියට එළඹෙමින් සිටින දැරියට සිදුවනවා.
රස්සාවක් ලැබෙයි
විදී දිගේ ඉබාගාතේ ඇවිදිමින්, කසළ බඳුන්වලින් පෝෂණය වෙමින් සිටි ග්‍රිසෙල්ඩාව ගැටකැපීම වෘත්තීය කරගත් අයෙකුට හමුවනවා. ඔහු ග්‍රිසෙල්ඩාව ඔහුගේ නිවසට රැගෙන යන්නේ සිය කල්ලියට සම්බන්ධ කරගැනීමටයි.
ජීවිතයේ පළමු වතාවට, ග්‍රිසෙල්ඩාව “ඕනෑ” පිරිසක් එහිදී හමුවෙනවා. බඩට උණු අහරක සහ හිසට යම් පිළිවෙලක් ඇති වහලක සෙවන ග්‍රිසෙල්ඩාගේ ජීවිතයට ලැබෙනවා.
දිවා කාලයේ ගැට කැපීමට යන ග්‍රිසෙල්ඩා, රාත්‍රියේ ගැට කැපීම පුහුණු වන්නේ සිය කල්ලියේ පිරිස සමඟින්.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, ග්‍රිසෙල්ඩා 11 හැවිරිදි වියට පත්වන විට පළපුරුදු ගැට කපන්නියක බවට පත්වනවා.
එහෙත් ඒ ආදායම ඇගේ අපේක්ෂිත ජීවිතය වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව ඇයට වැටහෙනවා.
සල්ලි වෙනුවෙන් විකිණෙන දැරිය
ග්‍රිසෙල්ඩා 14 හැවිරිදි වියේ දී ගණිකා වෘත්තියට පිවිසුණා. ලාබාල සහ තවමත් නො ඉකුත් වුණු ළමා පෙනුම ඇති නව යොවුන් තරුණිය සොයා බොහෝ පාරිභෝගිකයන් පැමිණියා.
මේ රැකියාවෙන් සැලකිය යුතු ආදායමක් ලැබුණු නිසා ග්‍රිසෙල්ඩා තව තවත් මුදල් සෙවීමට ක්‍රම සොයන්නට වුණා. ඒ වන විට ලැජ්ජාව සහ බය යන දෙකම පිළිබඳව තැකීමක් නොකළ ඇය, ඇගේ තත්වයේ අනෙකුත් ගණිකාවන් සිය පාරිභෝගියන්ට ඉඩ නොදෙන විකෘති ලිංගික ක්‍රියාකාරකම්වලට පවා ඉඩ දීමට පටන් ගත්තා. ඒ සඳහා ඇයට අමතර මුදල් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවුණා.
ග්‍රිසෙල්ඩා විවාහ වෙයි
1963 වසරේ දී ග්‍රිසෙල්ඩා විවාහ වුණා. . ඒ කාලෝස් ටෘජිලෝ එක්ක. ඉන් පසුවත් ග්‍රිසෙල්ඩා දිගටම ගණිකා වෘත්තියේ නියැලුණා. මේ වනවිට ඇය රූමත් ගණිකාවක් ලෙසට ඇයගේ පාරිභෝගිකයන් අතරේ ජනප්‍රියයි.
ග්‍රිසෙල්ඩාට සිය සැමියාට දාව දරුවන් තිදෙනෙකු ලැබෙන්නේ මේ අතරේ. දරුවන් ලැබීමෙන් පසුව ඇය තරමක් තරබාරු වුණා. එමෙන්ම සිය දරුවන්ට තමන්ට වඩා හොඳ ළමා කාලයක් දීම වෙනුවෙන් සිය පැරණි රැකියාව අතහැර දැමූ ඇය ඊට වඩා මුදල් සෙවිය හැකි මාර්ගයක් පිළිබඳව උනන්දු වන්නට පටන්ගත්තා.
අලුත් මිතුරෙක් – අලුත් ජීවිතයක්
ග්‍රිසෙල්ඩාගේ සැමියා කාලෝස් ටෘජිලෝ හට ඇල්බර්ටෝ බ්රාවෝ නමින් මිතුරෙකු සිටියා. ඔහු නිතරම ග්‍රිසෙල්ඩාගේ නිවසට පැමිණෙන්නට වුණු නිසාම, ඔහුත් ග්රිසෙල්ඩාත් අතර සමීප මිතුදමක් ගොඩනැගුණා.
ඒ වන විට කුඩා පරිමාණයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක යෙදෙමින් සිටි බ්රාවෝ ඉන් ලබන ආදායම ගැන ග්‍රිසෙල්ඩාට විස්තර කළා. දෙදෙනා අතර සමීපත්වය තහවුරුවත්ම, බ්රාවෝ ග්‍රිසෙල්ඩාට ලබාදෙන තොරතුරු ප්‍රමාණය වැඩි වුණා.
ඔහු මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන් ලබන ආදායම ගැන ඇසූ ග්‍රිසෙල්ඩාට, මෙතෙක් තම සොයමින් සිටි ‘අඩු වෙහෙස- වැඩි ආදායම්’ ව්‍යාපාරය මෙය බව වැටහුණා.
තමන්ටත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වීමට අවශ්‍ය බව ග්‍රිසෙල්ඩා බ්‍රාවෝට පවසා සිටියා. ග්‍රිසෙල්ඩා නිර්භීත සහ නොසන්සිඳෙන අධිෂ්ඨානයක් මෙන්ම අපරාධ පිළිබඳ ඉවක්ද ඇති ගැහැනියක බව ඒ වන විට බ්‍රාවෝට ඒත්තු ගොස් තිබුණා.
ග්රිසෙල්ඩාත් සම්බන්ධ වීමෙන් පසු බ්රාවෝගේ ‘කුඩා ව්‍යාපාරය’ පණ ගසා ආවා.
මේ කාල සමය වන විට ග්‍රිසෙල්ඩා සහ බ්රාවෝ අතර ප්‍රේම සබඳතාවයක් ඇතිව තිබුණා.
එනිසා ඔවුන් දෙදෙනා හොර රහසේම විවාහ වී නීති විරෝධී අයුරින් ඇමරිකාවට සංක්‍රමණය වුණා.
Welcome to Amaria – යට ඇඳුමේ සාක්කු
නව යුවල නිව්යෝක්හි ක්වීන්ස් හි ප්‍රදේශයේ පදිංචි වී, කොළොම්බියාවේ සිට ඇමරිකාවේ නිව්යෝක්, මයෑමි, සහ කැලිෆෝනියා යන ජනපද වෙත කොකේන් ප්‍රවාහනය කිරීම ආරම්භ කළා.
බලධාරීන්ගේ උකුසු ඇස්වලින් ගැලවී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වෙනුවෙන් ග්‍රිසෙල්ඩා විසින්ම විශේෂ යට ඇඳුම් සකස් කළා.
පසුව මෙම යට ඇඳුම් ග්‍රිසෙල්ඩාගේ උපදෙස් මත නිර්මාණ කිරීමට වෙනම පිරිසක් සම්බන්ධ කරගැනීමට තරම් ඇගේ ව්‍යාපාරය වර්ධනය වුණා.
බැංකු නිලධාරීන්, වෛද්‍යවරු, සිඟන්නන්, ආදී විවධ වෙස්ගත් පිරිස් මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළා. මේ පිරිස අතරේ සුරූපී යුවතියන් ද සිටියා.
ජීවිත කාලයම ඇය විසින් අපේක්ෂා කළ අන්දමට ධනවත් වූ ග්‍රිසෙල්ඩා, මේ කාලය වනවිට හැඳින්වුණේ කොළොම්බියාවේ “කොකේන් රැජින” ලෙසියි.
මයෑමි භීෂණය
මයෑමිහි ජීවත්වෙමින් කොකේන් ව්‍යාපාරය පවත්වාගෙන යන කාලයේ, ඇයගේ නීතිවිරෝධී ව්‍යාපාරය රැකගැනීම වෙනුවෙන්ම වෙනත් අපරාධ ජාලයක් ඇය වටා නිර්මාණය කරගැනීමට ග්‍රිසෙල්ඩා කටයුතු කළා. ඒ වෙනුවෙන් අපරාධ කල්ලියක් ඇය වටා එකතු වුණා. ඔවුන්ගේ කල්ලියට එරෙහි වුණු ඕනෑම කෙනෙකු ඝාතනය කිරීමට ඔවුන් පැකිලුණේ නැහැ.
මේ නිසාම මයෑමි ප්‍රදේශයේ සිදුවුණු මිනිස් ඝාතන ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ ගියා. ආරක්ෂක අංශ ග්‍රිසෙල්ඩාගේ කල්ලිය අල්ලාගැනීමට උත්සාහ කළත් එය පහසු වුණේ නැහැ.
රැජිනගේ කෘරත්වය
මත්ද්‍රව්‍ය රාජධානියේ රැජින වීමත් සමඟ, ග්‍රිසෙල්ඩා අතිශය කෘර ගැහැනියක බවට පත් වුණා.
සිය කුඩාකළ අත්දැකීම් නිසා ග්‍රිසෙල්ඩා ඉතා දැඩි ලෙස ලිංගික හැසිරීම්වලට ලොල්වී සිටියා. ඇය කැමති ගැහැනියක හෝ පිරිමියකු, ඇය හා ලිංගික හැසිරීමකට අකමැති වුවහොත් වෙඩි තබා ඝාතනය කිරීමට ඇය පෙළඹුණා.
ඇගේ දරුවන්ගේ පියා වූ පළමු සැමියාත්, අයට මත්ද්‍රව්‍ය රාජධානියේ රැජින බවට පත්වීමට මග පෑදූ ඇල්බර්ටෝ බ්රාවෝත්, ඇගේ තෙවන සැමියාත් ඇගේ වෙඩි පහරින් මියගියා. මත්ද්‍රව්‍ය විකිණීමට මෙන්ම, අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයටත් ග්‍රිසෙල්ඩා පුරුදු වුණා.
මේ ඇබ්බැහිය නිසාම නොයෙක් රෝගවලට ගොදුරු වුණු ග්‍රිසෙල්ඩා අධික ලෙස වේදනා නාශක ඖෂධවලට ද ඇබ්බැහි වී සිටියා. ඇබ්බැහිය නිසා ඇතිවුණු මේ දෙවැනි ඇබ්බැහිය වෙනුවෙන් ඇය බෙහෙත් ශාලා කොල්ලකෑමට පවා පෙළඹී තිබුණා.
මත් ද්‍රව්‍ය සහ බෙහෙත් අධිමාත්රාගෙන සමාජශාලාවලට ගිය ග්‍රිසෙල්ඩා, උඩුකය නිරුවත්ව නර්තනයේ යෙදෙන කාන්තාවන්ට වෙඩි තැබීම විනෝදාංශයක් කරගත්තා. වාහනයේ යන අතර මහ මග දකින ගැබිනි කාන්තාවන්ට වෙඩි තැබීම ද ඇයගේ පුරුද්දක් වුණා.
රැජිනකගේ ජීවිතයක්
අධික දරිද්‍රතාවයෙන් පීඩා විඳිමින්, ඉතා කටුක ළමා යොවුන් වියක් ගතකළ ග්‍රිසෙල්ඩා, තමන් වෙත අසීමිතව මුදල් ගලා ඒමත් සමඟ අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ආරම්භ කළා. ඇය නිතරම වටිනා ඇඳුම් හැඳ වටිනා ආභරණ පැළඳ සිටියා. එසේම සුඛෝපභෝගි අයුරින් නිර්මාණය කර තිබුණු නිවසක වාසය කරමින් සැපවත් ජීවිතයක් ගතකළා. සේවක සේවිකාවන් පිරිවරාගෙන ජීවත් වූ ග්‍රිසෙල්ඩාගේ සේවක එකතුවේ ලිංගික සේවකයන් පවා සිටියා.
රැජින සිරගත වෙයි
1980 දශකය ආරම්භවන විට මයෑමි ප්‍රදේශය තුළ තවත් අපරාධ සහ මත්ද්‍රව්‍ය කල්ලි හිස ඔසවමින් තිබුණා.
ඉන් බොහොමයක් ග්‍රිසෙල්ඩාගේ ප්‍රචණ්ඩත්වයට ලක් වූ පිරිස් හෝ, ග්‍රිසෙල්ඩාගේ ව්‍යාපාරයට තරඟයක් දෙමින් තිබූ පිරිස් සංවිධානය වීමෙන් සෑදී තිබුණා. මෙම කල්ලිවල තර්ජන හමුවේ සිය කොකේන් ව්‍යාපාරය කරගෙන යාමට අසීරු වූ ග්‍රිසෙල්ඩා, 1984 දී කැලිෆෝනියාවට පළාගියා.
කැලිෆෝනියාවේ සුඛෝපභෝගී නිවස්නයක රැඳී සිටිමින් ග්‍රිසෙල්ඩා සිය කොකේන් ව්‍යාපාරය දිගටම සිදුකරගෙන ගියා. එලෙස සිටියදී ඇය 1985 පෙබරවාරි 18 වැනිදා සිය නිවස තුළ දීම පොලිස් අත්අඩංගුවට පත්වුණා. දීර්ඝකාලීන සිර දඬුවම් හිමි වුණත්, ඉන් ඇගේ කොකේන් ව්‍යාපාරය බිඳවැටුණේ නැහැ. ඇය සිය පුත්‍රයෙකු වූ මයිකල් ලවා දිගටම කොකේන් ව්‍යාපාරය කරගෙන ගියා. ඇය බන්ධනාගාරයෙන් නිදහස් වන්නේ 2004 වසරේදී.
ගමනක නිමාව
2004 වසරේ දී බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසුව ග්‍රිසෙල්ඩාව, ඇගේ උපන් රට වූ කොළොම්බියාවට පිටුවහල් කෙරුණා. ඒ කාලය වනවිට ඇගේ අපරාධකාරී ජීවිතය විසින් ඇයට ඇමරිකාවේ මෙන්ම කොලොම්බියාවේත් සතුරන් රැසක් නිර්මාණය කර දී තිබුණා.
ඒ නිසා ඇයට කොලොම්බියාවේ ගත කිරීමට සිදුවූයේ රහසිගත ජීවිතයක්. බොහෝ කාලයක් ග්‍රිසෙල්ඩාව දකින්නට නොලැබුණු නිසා ඇය මියගොස් ඇතැයි බොහෝ පිරිස් අනුමාන කළා. මේ යුගයේ ග්‍රිසෙල්ඩා ඉතා දැඩිව ආගමට නැඹුරු වී සිටි බවත් සඳහන්.
2012 සැප්තැම්බර් 3 වැනිදා රාත්‍රියේ මෙඩලින් නගරයේ 29 වන වීදියේ කෙළවර තිබුණු ‘කාඩිසෝ’ නම් මස් කඩය වෙත ගොස් මස් මිලටගෙන ආපහු එමින් සිටි මැහැල්ලක හඹා ආ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඇයට වෙඩි තැබුවා.
ඔළුවට සහ උරහිසට එල්ල වුණු වෙඩි පහරවල් නිසා මහමග ඇදවැටී මියගොස් සිටි මේ මැහැල්ල වෙන කවුරුත් නොවෙයි.
ග්‍රිසෙල්ඩා.
පුදුම ජීවිතයක්
ග්‍රිසෙල්ඩාගේ අපරාධකාරී ජීවිත කතාවෙහි තිබුණු අපූර්ව බව නිසා ඇය මියගිය පසුව ඇයගේ ජීවිත කතාව යොදාගෙන චිත්‍රපට, රූපවාහිනි කතා මාලා, නව කතා, සහ ගීත පවා නිර්මාණය වුණා.
කොකේන් රැජින ගේ ජීවිතය ගැන එතෙක් මෙතෙක් කළ හොඳම චිත්‍රපටයේ රංගනයෙන් දායක වූයේ කැතරින් සීටා ජෝන්.