කාත්තන්කුඩි සමූල ඝාතනය

1990 වසරේ අගෝස්තු තුන්වැනිදා, කොටි සංවිධානයට සම්බන්ධ සංවිධානයක් විසින් කාත්තන්කුඩි -1 මීරාජුම්මා පල්ලිය හා මන්ජන්තොඩුවායි හුසයිනියා පල්ලියට එල්ල කළ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 147 දෙනකු ඝාතනයට ලක්‌වී 256 දෙනෙකු තුවාල ලැබුවා.

.

කාත්තන්කුඩි ප්‍රහාරයෙන් මියගිය සියලු නිරායුධ සිවිල් වැසියන්ට ඔවුන් පැතූ මෝක්ෂය ලැබේවා!

කිසි දිනෙක, කිසිදු ආකාරයක යුද්ධයක් ඇති නොවේවා!

මියයාමේ නිම්නය මිනමාටා

ශෝකයත්, වේදනාවත්, භීතියත්, විපතත් කැටිවූ මේ කතාව ඔබ කියවන මොහොතේත්, අපේ රටේ ජල මුලාශ්‍ර රැසක් කාර්මික අපද්‍රව්‍ය නිසා දූෂණයට ලක්වෙනවා. එවැනි ඇතැම් අවස්ථාවන් ඇත්තෙන්ම වළක්වා ගත හැකි අවස්ථායි. මෙහි අව ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන්නේ ඒ ඒ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන්නන් පමණක්ම යයි සිතා ඉවත බලා ගැනීමේ හැකියාවක්, කුඩා දූපතක ජීවත්වන අපට නැහැ.
විපත වන්නේ විපතක් සිදුවීම නොව, වැළක්විය හැකි විපතකට සිදුවීමට ඉඩ දී බලා සිටීම බව, මිනමාටා ඛේදවාචකය අපිට උගන්වනවා.

ආදරෙයි – දුකයි

වලාකුළු පොරවගෙන නිදාසිටි හිරු ඇහැරෙයි, සඳ පාන්දර හැදූ උණු තේ හාද්දක් ලැබ, ඇකිළුණු කමිස ඉස්තිරික්ක වෙයි. දවස දිගහැරෙයි.   වලාකුළු … තව

ඉතිරි මල්

සාරදායි සංකල්පයි නුවර එළියෙ මල් වත්තක මල් ගස් වටේ කැරකෙමින් නටනවා. පසුබිමින් ඇහෙන ලස්සන සංගීතෙට මල් වත්තෙ මලුත් නටනවා. ටිකක් … තව

බෝපෙත්තා

ඇත්තටම එයාගෙ නමේ බෝපෙත්තා කියල කෑල්ලක් තිබ්බෙ නෑ. කළු නූලක එල්ලපු සුරයකුයි, බෝ කොළයක හැඩයක් තියෙන පංචායුධයකුයි එයාගෙ බෙල්ල වටේ … තව